

ලෝක පවිත්‍රතා දිනය නිමිත්තෙන්, Plasticcycle සහ The Pearl Protectors ආයතන එක්ව පානදුර, එගොඩඋයන වෙරළ තීරයේ පවතින ප්ලාස්ටික් නර්ඩල් (Nurdles) ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මෙම වැඩසටහනට ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයන් 26 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගී වූ අතර, ඔවුන් වෙරළ තීරයට ගොඩගසා තිබූ ප්ලාස්ටික් නර්ඩල් මෙන්ම අනෙකුත් අපද්‍රව්‍යද එකතු කළහ.
පසුගිය මැයි මාසයේ, කේරළයේ වෙරළට ඔබ්බෙන් MSC ELSA 03 නෞකාව ගිලීමෙන් පසු, එම නෞකාවෙන් විශාල ප්ලාස්ටික් නර්ඩල් කාන්දු වීමක් සිදු විය. මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට විශාල ප්ලාස්ටික් නර්ඩල් ගොඩගැසී තිබුණි. මෙම ගැටලුව අවම කිරීමට දායක වීමක් ලෙස සංවිධානය කළ වැඩසටහනක් තුළ, නර්ඩල් සහ අනෙකුත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 97 ක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට හැකි විය.